අත්අඩංගුවට නොගන්නැයි මධුමාධවගෙන් පෙත්සමක්

මැයි 23, 2019

    මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිද්ධියට අදාළව තමන් අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක මධුමාධව අරවින්ද මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    එහි වගඋත්තරකරුවන් ලෙස මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා, බස්නාහිර පළාත් උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

    මධුමාධව අරවින්ද මහතා කියා සිටින්නේ ඉකුත් දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වන බවයි.

    මෙම සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කාර මධු මාධව අරවින්ද මහතා තමා මෙම කලහකාරි සිද්ධියට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවද සඳහන් කළේය.

    මෙම වාතාවරණය මත තමන්ව සාධාරණ පදනමක් නොමැතිව ද්වේෂ සහගත ලෙස පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එසේ අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් පොලිසිය වෙත නිකුත් කරන ලෙසත් මධුමාධව අරවින්ද මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 15:41

    Latest News