රොටුඹ අමිල සහ කළුවා යළි රිමාන්ඩ්

මැයි 21, 2019

    සේපාල රත්නායකගේ අමිල සම්පත් හෙවත් "රොටුඹ අමිල" අද සහ රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් "කළුවා" මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 4 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    2018 10.27 දින මාතර, රොටුඹ ප්‍රදේශයේ දී නාලක පුෂ්ප කුමාර යන ව්‍යාපාරිකයා සහ නිලංග සඳරුවන් යන ඔහුගේ සහායකය වෙළඳසල තුළදී ටී-56 ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධය ඩුබායි සිට මෙහෙයු බවට දුරකතන විශ්ලේෂන වාර්තා බුද්ධි තොරතුරු සහ විමර්ශන වලදී අනාවරණය විය.

    ඒ අනූව සේපාල රත්නායකගේ අමිල සම්පත් නොහොත් "රොටුඹ අමිල" රිමාන්ඩ් බන්ධනාගාරයට පත්වූ අතර එම අපරාධය සඳහා සහයදීමේ චෝදනාව යටතේ රණවකගේ ධම්මික නුවන් හෙවත් "කළුවා" ඩුබායි සිට පිටුවහල් කිරීමේ දී රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපල ඒකකය අත්අඩංගුවට ගෙන පසුව රොටුඹ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ.

    එලෙසම මෙම ඝාතනයට තැත් කිරීම සඳහා සහාය ලබා දුන් තවත් පුද්ගලයින් 6 දෙනෙකු මේ වන විට ඉදිරිපත් කිරීමට රොටුඹ පොලිසිය කටයුතු කර ඇති අතර එම අපරාධය සඳහා භාවිතා කළ උණ්ඩ රස පරීක්ෂණ වාර්තාව ලබාගැනීමට අද (21)රොටුඹ පොලිසිය කටයුතු කර තිබිණි.

    මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයක දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපල ඒකකය විසින් කන්ජිපානි ඉම්රාන් සමග පැමිණි අමිල සම්පත් අධිකරණය ඉදිරිපත් කිරීමට කටයුතුකළ අතර පසුව ඩුබායි සිට පැමිණි රණවකගේ ධම්මික නුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණ.

    Latest News