සහරන්ගේ පවුලේ අයට ආරක්ෂව සැපයු කල්මුනේ සියාම් මාට්ටු..... සියල්ල එකින් එක එළියට

මැයි 21, 2019

    ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හාෂීම්ගේ අම්පාර කල්මුනේ ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක කල්මුනේ සියාම් ඇතුලු තවත් සැකකරැවන් හතර දෙනෙකු තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට රාජ්‍ය බුද්ධි සේවාවේ නිළධාරින් සමත්වි තිබේ.

    අම්පාර පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මොවුන් කන්ඩායම ඊයේ පස්වරුවේ අත් අඩංගුවට ගනු ලැබිණ. පාස්කු ඉරිදා බෝම්බ පිපිරිමෙන් පසු අම්පාර රාජ්‍ය බුද්ධි සේවාව මගින් විශාල තොරතුරැ ප්‍රමාණයක් එකතු කර ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වා තිබේ. එ අනුව පසුගිය 19 වෙනි දින සවස කල්මුනේ සියාම් නැමැත්තා අත් අඩංගුවට ගෙන ඇත.

    ඔහු ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පසු සහාරන් හාෂීම් සමග කටයුතු කල තවත් හතර දෙනෙකු කල්මුණේ ප්‍රදේශයේදි ඊයේ අත් අඩංගුවට ගනු ලැබිණ. මීට අමතරව පාලමුනේ ප්‍රදේශයේ වලලා දමා තිබු සි. ඩි. තැටි 31 ක් ද සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත්විණ.

    සහාරන් ගේ ප්‍රධාන අනුගාමියෙක් වු කල්මුනේ සියාම් විසින් සහාරන්ගේ ආධාරකරුවන්ට නවාතැන් ගැනිමට සමන්තුරේ, නින්දවුර් සහ සයින්දමර්දු යන ප්‍රදේශවල නිවාස ලබා ගැනිමට උපකාර කර තිබේ. කල්මුනේ සියාම් විසින් සහාරන්ගේ ප්‍රධාන අධාරකරුවෙක් වන නියාස්ට සහය දි ඇති බවත් විමර්ශන වලදි අනාවරණය කරගෙන ඇත. ඉකුත් 26 වෙනි දින සයින්දමර්දු සුනාමි ගම්මනායේ බෝම්බ පිපිරීමට පෙර නියාස්, රිල්වාන් ඇතුලු කණ්ඩායම නින්දවුර් නිවසේ සිට මුහුදු බඩ මාර්ගයක් ඔස්සේ සයින්දමර්දු වෙත ගෙන ඒමට සහය දි ඇත්තේ කල්මුනේ සියාම් බවට රාජ්‍ය බුද්ධි අංශය තහවුරු කරගෙන ඇත.

    නියාස් ඇතුලු පිරිස වෑන් රථයකින් රැගෙන යාමේදී කල්මුනේ සියාම් විසින් වෙනත් වාහනයකින් ඉදිරියෙන් ගමන් කර මුහුදු බඩ මාර්ගයේ සිටින නාවික නිළධාරින් මග හරිමින් සයින්දමර්දු වෙත ගෙන ඒමට ක්‍රියා කර තිබේ. කල්මුනේ සියාම් හම්බන්තොට ප්‍රදේශයේදි පුහුණුවීම්වල නිරතව ඇති අතර ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජීකයෙක් බව ආරක්ෂක අංශ තහවුරු කරගෙන ඇත. තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටි.

     

    Latest News