නේවි සම්පත් ඇතුළු 7ක් 21 තෙක් රිමාන්ඩ්

මැයි 21, 2019

    නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ හා සුමිත් රණසිංහ ඇතුලු සැකකරුවන් හත් දෙනා ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද 21 නියෝග කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය.

    සිද්ධිය අදාළව සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් සහ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් එහි ප්‍රගතිය සමිබන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    2008 - 2009 වසරවල දී පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 12:07

    Latest News