වීසා නැති පකිස්තානු ජාතිකයෙක්ට මාංචු

මැයි 21, 2019

    ආගමන විගමන නීති උල්ලංගනය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටිමින් සිටි ‍පාකිස්ථාන ජාතිකයෙකු හෙට්ටි‍පොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ(20) උදෑසන 11.30ට පමණ. වයස අවුරුදු 36ක් වන සැකකරු පුද්ගලික ආයතනයක සේවය කරමින් සිට ඇති බව හෙළිව තිබේ.

    ඔහු අද(21) හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
    හෙට්ටිපොල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 10:36

    Latest News