ආරක්‍ෂාව ගැන විශ්වාසයෙන් වෙසක් සැමරූ සැමට ස්තූතියි - අගමැතිතුමා

මැයි 19, 2019

    රටේ ආරක්‍ෂක වැඩපිළිවෙළ කෙරෙහි විශ්වාසය තබා වෙසක් සැමරීමට එක්වූ සියලු දෙනා වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්තූතිය පළකරයි.

     

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ රාත්‍රී මරදානේ පැවති වෙසක් දන්සලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. මේ අතර, කොල්ලුපිටිය වාලුකාරාම මහා විහාරයේ ඊයේ රාත්‍රී පැවති පිරිත් පිංකමට ද අග්‍රාමාත්‍යවරයා එක්ව සිටියහ.

    පිංකම පැවැත්වුණේ පුජ්‍ය මහරගම නන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙනි. ජනතා නියෝජිතයන්, ආරක්‍ෂක අංශ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ. මරදාන දන්සැල සියලු ජාතීන් එක්ව සංවිධාන කර තිබීම විශේෂත්වයකි. මැති-ඇමතිවරු ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.

    dansal PM1

    Last modified on ඉරිදා, 19 මැයි 2019 10:45

    Latest News