ඉදිරි දිනවල වැසි තත්වයේ වැඩිවීමක්

මැයි 19, 2019

    ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කෙරේ.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක. ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මිලිමීටර 100ක තද වර්ෂාපතනයක් ඇතිවිය හැක්කේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටයි.

    ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව තද සුළං සමඟ අකුණු ඇතිවිය හැකි බැවින්, අකුණු අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවලට ද වැසි ඇතිවේ. නිරිත දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝ මීටර 50 දක්වා වැඩිවන අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.

    Latest News