හෙරොයින් 294kg සමග ඇල්ලූ දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

මැයි 17, 2019

    ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

    කොළඹ කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයකින් පොලිස් මත්ද්‍රව්‍ය නාශකයක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරෝයින් තොගය වන රුපියල් මිලියන 2945 ක් වටිනා හෙරොයින් 294.490 kgක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(17) නියෝග කළේය.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ මොහොමඩ් හමීඩ් හා මොහමඩ් ඉක්බාල් යන සැකකරුවන් දෙදෙනා වේ.

    මේ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සුජි, බංග්ලාදේශ ජාතික ඇන්ටන් මයිකල් මොරිස්, ෂේක් අහමඩ් හුසේන් මොහොමඩ් සිරාස්, මකීම් අබ්දුල් රහීම් යන 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජාත්‍යන්තර පොලිසිය මගින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

    සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉල්ලා ඇති CCTV දර්ශන අධිකරණයට ලැබි ඇති බවත් එම දර්ශන ඇතුළත් සිඩි තැටි 5ක් ලැබී ඇති බවත් මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

    සිද්ධියට අදළව ලබන 31 වනදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නියෝග කළේය.

    Latest News