ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්......ඇමති සාගලගෙන් මතක් කිරිමක්

මැයි 17, 2019

    ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එකේකිසිදු විවාදයක් නොමැති බවත් වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    රටේ මුළු සංස්කෘතිය සිංහල බෞද්ධ පදනම මත ගොඩනැගි ඇතැයි ඔහු කියා සිටියේය. දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය රුපියල් කෝටි පහක් වැය කර මොරවක - දංගල මාජුවාන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    අමාත්‍ය සාගල රත්නායක මහතා - "අපේ රටේ හැම දෙයකටම පදනම් වෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියයි. ඒ චාරිත්‍ර මුස්ලිම් කඩයක් ආරම්භ කලත් පහනක් පත්තු කරලා තමයි විවෘර්ත කරන්නේ. කිරි උතුරවලා තමයි වැඩක් පටන් ගන්නේ තියෙන්නේ ඒ සංස්කෘතිය මත. නමුත් අනෙකුත් ආගමුත් අපේ රටේ අදහනවා. ඒ අදහන්න අයිතිය තියෙනවා. පල්ලියට යන්න අයිතිය තියෙනවා. කතෝලික පල්ලියට යන්න අයිතිය තියෙනවා. හින්දු කෝවිලට යන්න අයිතිය තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ ආගම අදහන එක නෙමෙයි. ප්‍ර‍ශ්නය තියෙන්නේ අන්තවාදයේ. අපි අන්තවාදයට එරෙහි වෙන්න ඕන. අන්තවාදය ආගමික වශයෙනුත් නරකයි, දේශපාලන වශයෙනුත් නරකයි. අන්න එකට අපි විරුද්ධ වෙන්න ඕනා" යැයි ඔහු කියා සිටියේ

    අපි රටක් වශයෙන් දියුණුවීමට නම් එකමුතුව ගමන යන්න අවශ්‍ය බවත් ඔහු කියා සිටියේය. සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව අංක එකට ගමන් කර තිබියදී මේ තත්වය උදාවු බවත් සාගල රත්නායක මහතා පෙන්වාදුනී.

    "අපි අංක එකට ගියා. පසුගිය මාසය තුල සංචාරක කර්මාන්තය බිඳ වැටිලා අපේ රටේ. කවුරුවත් ලංකාවට එන්නේ නැහැ. මේ ජාතිවාදී ප්‍රශ්න දැක්කොත් තවත් අපේ රටට සංචාරකයෝ එන එක නවතිනවා. අපේ රටේ ආයෝජන අඩුවෙනවා. අපේ රට එක්ක වෙලදාම් කරන එක අඩු වෙනවා. ගොඩාක් සම්පත් තියෙන රටක්, ඉදිරියට යන්න පුළුවන් රටක් අපිට තියෙන්නේ. දේශපාලකයින් ගිහින් ඔය කල කෝලහාල නවත්වන්න බැහැ. ඒක ආරක්ෂක අංශවල වගකීම. දේශපලන්කයෝ ඇඟිලි ගැහුවම එකට කරදරයක් විතරයි වෙන්නේ. අපි ආරක්ෂක අංශය ගැන අවුරුදු තිහක් විශ්වාසය තියාගෙන හිටියා. ඒ අය ඒ විශ්වාසය කඩ කලේ නැහැ. ඉදිරියටත් ඒ විශ්වාසය තියාගෙන යන්න ඕන. අපි අපේ ගමනයන්න ඕන. ඔබේ ආර්ථික දියුණුව රටේ ආර්ථික දියුණුව ඒකයි අපේ ඉලක්කය වෙන්න ඕන. එකට අපි එකමුතුව වැඩ කරමු" යනුවෙන් පැවසීය.

     

     

     

     

    Last modified on සිකුරාදා, 17 මැයි 2019 13:42

    Latest News