රජයට විපක්ෂ නායකගේ සහය දෙන්න.... ජර්මන් තානාපතිගෙන් ඉල්ලීමක්

මැයි 17, 2019

    ජර්මන් තානාපති ජෝන් රොඩ් මහතා හා විපක්ෂද නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්වුණි.

    රට තුළ මතු වී ඇති වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡාවට ලක්ව ඇති අතර එය ඉක්මණින් යථාතත්වයට පත්විය යුතු බව ද ඒ සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද ජර්මානු තානාපති ජෝන් රොඩ් මෙහිදී ප්‍රකාශකර තිබේ.

    මෙහිදී අදහස් දැක්වූ ගරු මැතිතුමා දැනටමත් මේ සම්බන්ධව රජය සමඟ සාකච්ඡා කර ඇති බවත් රටේ ආරක්ෂාාව තහවුරු කිරීමට විපක්ෂ්යක වශයෙන් දිය හැකි සෑම සහයෝගයක්ම දීමට සූදානම් බව රජයට පවසා ඇති බවත් විපක්ෂය නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය. මහජනතාව වෙත මේ වනවිට නිවේදන කිහිපයක් නිකුත් කර ඇති බව ඔහු පැවසීයිය. 

    Last modified on සිකුරාදා, 17 මැයි 2019 12:33

    Latest News