ඩෙංගු රෝගීන්ගේ ඉහළයාමක්

මැයි 16, 2019

    පවතින කාලගුණ තත්වය සමග දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තාවීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    මේ තත්වය සළකා බලා,ඩෙංගු වසංගත තත්වයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණෙන් විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් පසුගිය 8 වැනිදා සිට 10 වැනිදා දක්වා ක්‍රියාවට නංවනු ලැබීය. දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 70ක් ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක කෙරුණු අතර, ජනාධිපති කාර්ය සාධක බලකාය හා ජාතික ඩෙංගු මර්දන ඒකකය මෙය සංවිධාන කළේය. මදුරුවන් බෝවීමට හැකියාව ඇති අවදානම් ස්ථාන වැඩිම සංඛ්‍යාවක් හමුවූයේ යාපනය,කුරුණෑගල,කෑගල්ල දිස්ත්‍රික්කවලින්. පාසල්,අගමික ස්ථාන,කර්මාන්ත ශාලා හා ඉදිකිරීම් පරිශ්‍රවල මදුරු කීටයන් බහුලව සිටි බව මෙහි දී සොයාගනු ලැබීය.

    මේ තත්වය අවමකර ගැනීම සඳහා අදාළ ආයතනවල බලධාරීන් මෙන්ම, ප්‍රජාව ද කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ. ඕනෑම පරිසරයක ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් ඇති බැවින්, සතියකට විනාඩි 30ක් මේ පිළිබඳ විපරම් කොට, මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත්කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. තද උණ සමග හිස රඳය,මස්පිඩු හා සන්ධි වේදනාව,ඔක්කාරය,වමනය,සමෙයි රතු පැහැති ලප හටගැනීම මෙන්ම රුධිර වහන තත්වයක් ඇත්නම් වහාම රෝහලකට ඇතුළත්ව නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවන ලෙසට ඉල්ලීමක් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 10:24

    Latest News