පාස්කු ප්‍රහාරයේ තුවාල ලැබූවන්ගේ ප්‍රතිකාර සඳහා චීනයෙන් මුදල් ආධාර

මැයි 07, 2019

    පාස්කු ඉරු දින බෝම්බ පිපිරීම් වලින් තුවාල ලැබූ පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා චීනය රුපියල් මිලියන 17.84 ක මුදලක් පරිත්‍යාග කරයි.

    චීන රතු කුරුස සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජාතික ලේකම් නිමල් කුමාර මහතා වෙත මී‍ට අදාළ චෙක්පත පිරිනමා ඇත්තේ, ශ්‍රී ලංකාවේ චීන තානාපති Cheng Xue yuan මහතා විසින්.

    විශේෂයෙන් මෙම පරිත්‍යාග සිද්ධියෙන් තුවාල ලැබුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනෙනු ඇත.

    මෙම ඛේදනීය අවස්ථාවේ චීන රජය හා ජනතාව ශ්‍රී ලංකා ජනතාව සමඟ සිටින බව පැවසු තානාපතිවරයා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව හා ස්ථාවරත්වය වෙනුවෙන් සහ සාමකාමී හා සෞභාග්‍යමත් රටක් වෙනුවෙන් සහය දෙන බව ද යළි අවධාරණය කළේය.

    ඔහු සඳහන් කලේ ශ්‍රී ලංකා රජයට අවශ්‍ය සියලු සහය සම්බන්ධයෙන් චීන රජය කඩිනම් සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

    මෙම අපහසු අවස්ථාවේ ශ්‍රී ලංකාවට උදව් කිරීම පිළිබඳව ඉහළින් අගය කළ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජාතික ලේකම් නිමල් කුමාර මහතා පැවසුවේ මෙම සියලු පරිත්‍යාග සිද්ධියෙන් තුවාල ලැබුවන් සඳහා යොදා ගන්නා බවයි.

    Last modified on අඟහරුවාදා, 07 මැයි 2019 11:13

    Latest News