තවුහිද් ජමාත් හී දේශන ඇතුලත් සී.ඩී. පට 15 ක් හමුවේ

මැයි 07, 2019

    තවුහිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුලත් සී.ඩී. පට තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගනී.


    නාවලපිටිය හපුගස්තලාව ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම සී.ඩී. පට සිය භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    ගම්පල කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ එම සෝදිසි මෙහෙයුමේ දී තවුහිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුලත් සී.ඩී. පට 15 ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.

    එම සී.ඩී. පට ඉදිරි විමර්ශන කටයුතු සඳහා නාවලපිටිය පොලිසියට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    Latest News