අන්තර් පළාත් බස් රථ සඳහා සහනයක්

මැයි 07, 2019

    පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන අන්තර් පළාත් බස් රථ වලින් මසකට අයකර ගන්නා මාර්ග බලපත්‍ර ටෙන්ඩර් ගාස්තුවට යම් සහනයක් ලබාදීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

    මේ අනුව අප්‍රේල් 21 වැනි දින සිට මැයි මස 21 වැනි දින අතර මාසයක කාලයක් සඳහා අයකරන මාර්ග බලපත්‍ර ගාස්තුවෙන් 50%ක් පමණක් අයකර ගැනීමට තීරණය කළ බව ද එම කොමිසමේ සභාපති ජනක මල්ලවආරච්චි මහතා සඳහන් කළේය.

    බස් හිමියන්ගේ ආදායම 20%ක් දක්වා පහත වැටීම නිසා අදාළ සහනය ලබාදෙන ලෙස අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය විසින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

    Latest News