ජාතික ආරක්ෂාවට සිවිල් ආරක්ෂක භටයින් 10,247ක්

මැයි 07, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරට ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහායට සිවිල් ආරක්‍ෂක බළකා මූලස්ථාන 23කට අනුයුක්ත 10,247ක පමණ භට පිරිසක් දායකත්වය ලබාදෙන බව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කොළඹ හා තදාසන්න ප්‍රදේශ ඇතුළුව දිවයින පුරා පිහිටි ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන හා පාසල් සඳහා මෙම සිවිල් ආරක්‍ෂක භටයන් රාජකාරි සඳහා යොදවා තිබේ.

    ඒ අනුව අනුරාධපුරය, මහඔය, වැලිඔය, හොරොව්පතාන, කැබිතිගොල්ලෑව, මැදිරිගිරිය, මොනරාගල, ගෝමරණ්කඩවල, පුත්තලම, අම්පාර, සේරුවිල, කන්තලේ, උහන, වවුනියාව හා විල්පත්තුව ඇතුළු දුෂ්කර ප්‍රදේශවලට අනුයුක්ත සිවිල් ආරක්‍ෂක භටයන් 773 දෙනෙකු පමණ කොළඹ ප්‍රදේශයේ ආරක්‍ෂක රාජකාරි‍ සඳහා යොදවා ඇතැයි, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මීට අමතරව බළකා බල ප්‍රදේශ තුළ රාජ්‍ය ආයතන සහ පොලිස් ස්ථාන වෙත ආරක්‍ෂක රාජකාරි සඳහා 4,668ක්, දිවයින පුරා පිහිටි රාජ්‍ය ආයතන සඳහා 2,493ක් හා දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන සඳහා 2,313ක් ආදී වශයෙන් සිවිල් ආරක්‍ෂක නිලධාරීන් හා නිලධාරිනියන් යොදවා ඇතැයි ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    Last modified on අඟහරුවාදා, 07 මැයි 2019 10:05

    Latest News