ෂරියා විශ්වවිද්‍යාලය - කිසිදු සංවිධානයකට උපාධි පාඨමාලාවලට බලයක් නැහැ...

මැයි 07, 2019

    ෂරියා විශ්වවිද්‍යාලය නැතහොත් මඩකලපුව මණ්ඩපය නමින් හැඳින්වෙන කිසිදු ආයතනයකට උපාධි පාඨමාලා පැවැත්වීමට කිසිම සංවිධානයනට බලය පවරා නොමැති බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවධාරණය කරයි.

    නැගෙනහිර පළාතේ පුනානි ප්‍රදේශයේ පිහිටා ඇති ෂරියා විශ්වවිද්‍යාලය නැතහොත් මඩකලපු මණ්ඩපය ලෙස හැදින්වෙන සංවිධානයක් සම්බන්ධව පළ වූ පුවත් කිහිපයක් සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ.

    1978 විශ්වවිද්‍යාල පනත ප්‍රකාරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථයට අයත් වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල 15ක් පමණි.

    ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්ය භාරය වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම, සම්බන්ධීකරණය සහ එම විශ්වවිද්‍යාලවල පරිපාලනය විධිමත් කිරීමයි.

    ෂරියා විශ්ව විද්‍යාලය නමින් හැඳින්වෙන කිසිදු ආයතනයක උපාධි පාඨමාලා පැවැත්වීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අවසරයක් ඉල්ලා නොමැති බවත් ඒ සඳහා කිසිදු බලයක් ලබා දී නොමැති බවත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කරනු ලැබේ.

    Last modified on අඟහරුවාදා, 07 මැයි 2019 10:42

    Latest News