කිරිබත්ගොඩ අලෙවිහලක ගින්නක්

මැයි 07, 2019

    කිරිබත්ගොඩ, ඊරියවටිය මාර්ගයේ පිහිටි ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක ඊයේ (06) රාත්‍රී 10.40 ට පමණ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

    වහාම ක්‍රියාත්මක වු පොලීසිය හා ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසී‍න් හා සහාය ඇතිව ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

    ගින්න හේතුවෙන් ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලට හා ඊට යාබදව පිහිටි කෙසෙල් කඩයකට හා තවත් වෙළඳ සැලකට අලාභ හානි සිදුව ඇතැයි සදහන් වේ.

    ජීවිත හානි සිදුව නොමැති අතර, ගින්න ඇති වීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැත.

    කිරිබත්ගොඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

    Latest News