මද්‍රසා පාසල් නියාමනයේ නීති සම්පාදනයට යෝජනා.....කමිටු වාර්තාව අගමැතිට

මැයි 06, 2019

    සියළු මද්‍රසා පාසැල් නියාමනයට හා පොදු නීතිරීති මාලාවකට යටත්ව ක්‍රියාත්මක කිරිමට මද්‍රසා පාසැල් නියාමනය කමිටුව යෝජනා කර තිබේ.

    මද්‍රසා පාසැල් නියාමනය සම්බන්ධ කමිටු වාර්තාව තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් මහතා විසින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (06) ඉදිරිපත් කළේය.

    මෙම වාර්තාව සැකසීමේ දී වෙනත් රටවල දැනට ක්‍රියාත්මක නීතිරීති මෙන්ම ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යපන පණත ද අධ්‍යනයට ලක් කර තිබේ. වාර්තාවට අනුව ඉදිරියේ දී නීතිපතිවරයාගේ හා නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ නිරීක්ෂණ ගෙන වාර්තාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරේ. අනතුරුව නව නීතිරීති කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගැනෙණු ඇත.

    මෙම අවස්ථාවට කමිටුවේ සාමාජිකයින් වන වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ද සහභාගි වුහ.

    Latest News