තවුහිද් ජමාත් නුවරඑළිය පුහුණු කඳවුර වටලයි........පාස්කු ප්‍රහාරයේ අවසන් පුහුණුවත් මෙහිදී (ඡායාරූප)

මැයි 06, 2019

    තව්හිත් ජමාත් සංවිධානය (අයි.එස්.අයි ) විසින් නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු කදවුරක් නුවරඑලිය පොලිසිය සහ යුධ හමුදාව විසින් අද (06) සොයාගනු ලැබිණ.

    අම්පාර කල්මුණේ සහින්දමාර්දු ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් අයි.එස්.අයි ත්‍රස්තවාදියෙකුගෙන් ප්‍රශ්න කිරිමේදි ලද තොරතුරක් අනුව දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම කදවුර සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත්වුයේය.

    මෙම ස්ථානයේ 38 දෙනෙකු පුහුණුව ලැබා ඇති අතර එයට සහරාන්ද සහභාගි වි තිබේ. දිවයිනේ ස්ථාන කිහිපයකම සිදුකල මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයේ අවසන් පුරුදු පුහුණු විම් අප්‍රේල් 17 වෙනිදා සහරාන්ගේද සහභාගිත්වයෙන් සිදුකර ඇති බවට දැනට කර ඇති මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

    නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදදේශයේ ප්‍රධාන පාසලක් ඉදිරිපිට කෙටිකාලින කුලි පදනම මත ලබාගත් දෙමහල් නිවසකයි පුහුණු කදවුර පවත්වාගෙන ගොස් තිබේ. නිවසේ අයිතිකරු සහ එම නිවසට පහසුකම් සැපයු නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් නුවරඑලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය සහ යුධ හමුදාව එකාබද්ධව අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.

    istrainingcamp2 px 900 19 0

    istrainingcamp4 px 900 19 0

    istrainingcamp1 px 900 19 0

    Last modified on සදුදා, 06 මැයි 2019 15:30

    Latest News