මන්ත්‍රි කාවින්ද ජයවර්ධන - විපක්ෂ නායක මහින්ද හමුවේ

මැයි 05, 2019

    පසුගිය 21 වන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට ගොඩනැගීමට වු යෝජනා මාලාවකින් සමන්විත එක්සත් ජාතික පක්‍ෂ කතෝලික මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කළ ලිපිය අද පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ද භාර දෙනු ලැබිණ.

    එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන්ගේ අත්සනින් යුතු මෙම නිකුතු කර තිබේ. එහි පිටපතක් අද (05) පස්වරුවේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාට භාර දුන් බව විපක්ෂ නායක මාධ්‍ය ඒකකය පවසයි. මෙම ලිපිය විපක්ෂ නායක වෙත භාරදිම පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා විසින් සිදුකර ඇත.

    මෙම ලිපියේ කරුණු පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයින් සමඟ සාකච්ඡා කර සහයෝගය ලබා දෙන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

    Latest News