ත්‍රස්තවාදය මැඩපැවැත්විය හැකියි...ඉතා ඉක්මණින් සංචාරකයන්ට ආරක්‍ෂිත ස්ථානයක් වේ

මැයි 05, 2019

    මෙරට ඉතා ඉක්මණින් සංචාරකයන්ට ආරක්‍ෂිත ගමනාන්තයක් වනු ඇතැයි, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

    එහි සභාපති කිෂූ ගෝමස් මහතා ප්‍රකාශ කළේ, ආරක්‍ෂක අංශවලට ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමේ හැකියාව ඇති බවයි. පසුගියදා ඩුබායිහිදී පැවති “අරාබි සංචාරක සමුළුවේදී“ සී.එන්.එන් පුවත් සේවයට විශේෂ සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    “අපේ හැඟීම උනේ ශ්‍රී ලංකාව ලෝකයේ ආරක්‍ෂිතම රටක් කියන එකයි.
    නමුත් සියල්ල එකවර වෙනස් වුණා.
    අපි වසර 30ක් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් එක්ක සටන් වැදුනා
    අපිට ඒ ත්‍රස්තවාදය නැති කර දාන්ම යුදමය හැකියාවක් තිබුණා.
    අපේ හමුදාවන්ට මේ ත්‍රස්තවාදය නැතිකර දාන්න දැනුම, අත්දැකීම් සහ හැකියාව තියෙනවා.“ කිෂූ ගෝමස් මහතා සඳහන් කළේය.

    Latest News