ජනපතිගෙන් ප්‍රතිඥාවක්.......මැතිවරණයට පෙර ත්‍රස්තවාදය මුලිනුපුටා රටට ස්වරත්වයක්

මැයි 05, 2019

    ත්‍රස්තවාදය මුලිනුපුටා දමන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රතිඥා දෙයි.

    ලබන මැතිවරණයට පෙර රටේ ස්ථාවරත්වය ගොඩනඟන බව ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ. රොයිටර් පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ජනාධිපතිතුමා ඊයේ මේ බව කියා සිටියේය.

    එහිදී අදහස් ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා....
    මැතිවරණය පවත්වන්න ඕනේනෙ අපි. මැතිවරණ කල් දාන්න පුලුවන් කමන් නැහැ. මැතිවරණ පවත්වන්න ඕනේ. මැතිවරණයට කලින් මම රට සාමකාමී කරනවා. ත්‍රස්තවාදය අවසන් කරනවා. අපේ ආරක්‍ෂක හමුදාව සහ බුද්ධි අංශය ඉටු කරන බව මට විශ්වාසයි.

    සාමාන්‍යයෙන් අපි හොයාගෙන තියෙනවා 130ක් විතර ලංකාවෙන් මේ සංවිධානයට එන්න ඇති කියලා. ඉන් සෑහෙන පිරිසක් මැරුණා. මරාගෙන මැරෙන කණ්ඩායම විධියට. අනෙක් අය ආරක්‍ෂක හමුදාව කරන වැටලීම්වලදී ඇතිවෙච්ච ගැටුම්වලදී මියගියා. ඊට අමතරව අපි විශාල පිරිසක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ අත්අඩංගුවට ගත්ත පිරිසත්, මියගිය සංඛ්‍යාවත් ගත්විට අපිට තව ඉතිරි පිරිසක් ඉන්නවා මීට සම්බන්ධ යැයි සැක කෙරෙන 25-30ක් ඉන්නවා.

    ඒක ඉතාම පැහැදිලියි. මේ සිද්ධිය සිදුවුණාට පස්සේ ඒ අයි එස් සංවිධානය ප්‍රකාශයක් කළානේ අප්‍රේල් 21 සිදුවීම කළේ කියලා. මේ පරීක්‍ෂණවලින් බුද්ධි අංශ සොයා ගෙන තියෙනවා දැනට අවුරුදු 15ක පමණ සිට තමයි ලංකාවේ මේ සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඔවුන් පුහුණුවීම් සඳහා විදේශවලට ගිහින් තියෙනවා. නමුත් ඔවුන් ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ යැයි, එහෙම නැත්නම් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් සමඟ කටයුතු කරනවායැයි කියන තොරතුරු ඒ ආකාරයෙන් ලැබුණේ නැහැ අපිට. එම ත්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ පිරිස් කියලා අපිට තොරතුරු හරියාකාරව තිබුණා නම් අපිට ඔවුන් අත්අඩංගුවට ගැනීමට පුලුවන්කම තිබුණා.

    මේ ත්‍රස්ත ප්‍රහාරය රටේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරලා තියෙනවා. සංචාරක ව්‍යාපාරයටත් බලපෑමක් ඇති කරලා තියෙනවා. ආර්ථිකය වඩාත් ගොඩනැගීමේදී වැදගත් වෙනවා, සංචාරක ව්‍යාපාරය නැවත තිබූ තැනට ගන්න. නැවත තිබූ තැනට ගැනීමේදී රටට එන සංචාරකයින්ට ආරක්‍ෂාවක් ඕනේ. දැන් රට සාමාන්‍ය තත්වයට පත්වෙලා තියෙනවා. ඒ අනුව සංචාරකයින්ට එන්න පුලුවන්. විදේශීය සංචාරකයින්ට අපි සම්පුර්ණ ආරක්‍ෂාව දෙනවා. ඒ අය පිළිබඳව අපි වගකීමකින් කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් මම අමාත්‍යවරුන්ගෙන් කැබිනට් අනුකාරක සභාවක් පත්කරලා සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරිම සඳහා අවශ්‍ය සියලුම කටයුතු කරන්න ඒ අයට උපදෙස් දීලා තියෙනවා“ යැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේය.

    Last modified on ඉරිදා, 05 මැයි 2019 18:24

    Latest News