ISIS ත්‍රස්තවාදින්ගේ පුහුණු කඳවුරක් මඩකලපුවෙන් සොයා ගනී......... පුහුණුව 2007 සිට කරලා

මැයි 05, 2019

    මඩකලපුව, තාලන්කුඩා, ඔල්ලික්කුලම් ප්‍රදේශයේ දී අද (05) උදෑසන පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් ISIS ත්‍රස්තවාදීන්ගේ පුහුණු කඳවුරක් සොයා ගෙන තිබේ. 

    අබ්දුල් රවුෆ් නැමැති සැකකරුවෙකුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් වල දී ලද තොරතුරකට අනුව මෙම කඳවුර සොයාගත් බව ආරක්ෂක අංශ පවසයි. තවුහිද් ජමාත් නායක සරාන් හෂිම්ගේ සහෝදරයෙක් මොහොමඩ්  රිල්වාන්ගේ නායකත්වයෙන් මෙම පුහුණු කඳවුරු ක්‍රියාත්මක වු බව පරික්ෂණ වලදි තහුරුවි  තිබේ. එහි තිබු බොම්බ නිපදවීමට ගන්නා උපකරණ සොයා නෙ ඇති බවත් වාර්තාවේ.

    පසුගිය දිනක සයින්දමරුදු මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකළ වන රිල්වාන් 2007 වසරේදී මෙම පුහුණු කඳවුරෙන් පුහුණුව ලබන අතරතුර සිදුවූ පිපිරීමකින් ඔහුගේ ඇඟිලි වලට හා ඇහැකට හානි සිදුව ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

    මෙම කඳවුර තුලදී මරාගෙන මැරෙන පුහුණු කිරීම් හා බෝම්බ නිපදවීම ද සිදු කර ඇති බවට ආරක්ෂක අංශ තහුරු කරගෙන තිබේ.

    Last modified on ඉරිදා, 05 මැයි 2019 18:10

    Latest News