සන්නිවේදන උපාංග සමග සැකකරුවෙකු රත්මලානේ දී අත්අඩංගුවට

මැයි 03, 2019

    සන්නිවේදන කටයතු සඳහා භාවිත කළ හැකි බවට විශ්වාස කෙරෙන උපාංග සමඟ සැකකරුවකු රත්මලාන පිරිවෙන පාරේදී අත්අඩංගුවට ගැනේ.

    ප්‍රදේශයේ අතුරු මාර්ගවල සිම් කාඩ්පත් විසිකරමින් ගිය පුද්ගලයෙක් පිළිබඳව විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

    ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ජංගම දුරකතන සිම්පත් 12ක් එකවර භාවිතා කළ හැකි ආකාරයේ පරිපථ පුවරු 16ක් තිබී සොයා ගෙන ඇත. ඒ අතර ආගමික ග්‍රන්ථ කීපයක්ද වයස 50ක් පමණ වූ මෙම මුස්ලිම් ජාතික සැකකරු සන්නතයේ තිබී සොයා ගැනීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හැකිව තිබේ.

    Latest News