ජනපතිට අපහස සහ ජාතික අසමගියට උත්සහ කළ 03 ක් මාට්ටු.....පත්‍රිකා 600 ක් පොලිස් භාරයට

මැයි 02, 2019

    ජනපතිට අපහස වන අන්දමේ සහ රාජ්‍ය විරෝධි වචන, ජාතික සමගියට බාදා වන අන්දමින් මුද්‍රණය කල පත්‍රීකා 600 ක් තැපැල් කිරිමට මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණි පුද්ගලයින් 03 ක් කොටුව පොලිසිය විසින් අතඅඩංගුවට ගෙන තිබේ.

    සැක කටයුතු අන්දමින් තැපැල් පත් විශාල ප්‍රමාණයක් තැපැල් කිරිමට පැමිණි අවස්ථාවේ පොලිසියට ලද තොරතුරක් මත පරික්ෂ කිරිමෙන් පසු පත්‍රිකා තොගය සහ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනිම සිදුව ඇත.

    එම පත්‍රිකාවල රාජ්‍ය විරෝධි සහ ජාතින් අතර අසමගිය ඇති වන වචන අතුලත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සදහන්. පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 41, 28 සහ 24 යන වයස් වල පසු වන්නන්වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

    Last modified on සිකුරාදා, 03 මැයි 2019 11:16

    Latest News