පාසල් ආරක්ෂාවට විශේෂ නීති

මැයි 03, 2019

    ලබන සඳුදා පාසල් විවෘත කිරීමෙන් පසු පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය සකස් කර තිබේ.

    ඒ අනුව දරුවන් පාසල් වෙත ඇරලවීම සඳහා පැමිණෙන වාහන පාසල් අසල නවතා තැබිය හැකි වන්නේ, උපරිම විනාඩි 03 ක කාලයක් පමණි.

    එලෙස වාහන නතර කිරීම සඳහා සුදුසු ස්ථාන පාසල් කළමනාකාරීත්වය විසින් තීරණය කළ යුතුයි.

    පාසල් අවසන් වීමෙන් පසු දරුවන් නංවා ගැනීම සඳහා ද වාහන පාසල් අසල නවතා තැබිය හැක්කේ ද උපරිම විනාඩි 03ක් පමණි.

    එහිදී ද වාහන නතර කිරීම සඳහා පාසල් කළමනාකාරීත්වය විසින් ලබා දෙන ස්ථාන පමණක් යොදාගත යුතුයි.

    Last modified on සිකුරාදා, 03 මැයි 2019 08:08

    Latest News