දීපාවලී දින ජනපති - අගමැති සුබ පැතුම්

නොවැ 06, 2018

    ජන වර්ග අතර පවත්නා විරසකය දුරලා, අනෝන්‍ය අවබෝධයත්, සහජීවනයත් ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටුවහලක් වන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    එය අවබෝධකර ගනිමින්, උදාවන දීපාවලී උත්සවය අප අතර සංස්කෘතික බැඳීමක් ගොඩනගාගත හැකි අවස්ථාවක් බවට පත්කර ගත යුතුයි. දිපාවලී දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

    අධ්‍යාත්මික ශික්ෂණයෙන්, ප්‍රතිඥාව බඳු ගුණාංග, මිනිස් සිත් සතන් තුළ ඇතිවීමට නම්, අවිද්‍යාෙව් අන්දකාරය පහවිය යුතුයි. එකී අරමුණු සාක්ෂාත්කර ගැනීමට ලෝකවාසී හින්දු බැතිමතුන් පහන් දල්වා, දීපාවලී උළෙල සමරනයි. පහනින් නැගෙන ආලෝකයෙන්, අයහපත නමැති අඳර දුරුවී, යහපත නමැති ආලෝකය පැතිරෙන්නා සේ, ස්වකීය ජීවිතය ද අලෝකවත් වේවා යන්න දීපාවලියේ අර්ථයයි. ලොව පුරා වෙසෙන් සියලු හින්දු බැතිමතුන්ට දීපාවලී උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පිරිනමන බවයි, ජනාධිපතිතුමා සිය පණිවුඩයෙන් වැඩිදුරත් සඳහන් කරන්නේ.

    දීපාවලී උත්සවය තුළින් පිළිබිඹු වන්නේ හින්දු භක්තිකයින්ගේ අධ්‍යාත්මික ගුණවගාවත්, සමාජයේ ජන කණ්ඩායම් හා පුද්ගලයින් අතර අවබෝධතා හා සංහිඳියාව බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසන්නේ. දීපාවලී උත්සවයෙන් සැමරෙන්නේ, ක්‍රිෂ්ණා දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර, ලෝකයට අලෝකයත්, ආශිර්වාදයත් ගෙන ඒමටයි. අඳුර පරාජය කරමින් අලෝකයත්, අසත්‍ය පරාජය කරමින් සත්‍යයත්, නොදැනුවත්කම පරාජය කරමින් දැනුවත්කමත් ජයග්‍රහණය කිරීම දීපාවලී දිනයෙන් සංකේතවත් වෙයි. සියලුම හින්දු භක්තිකයන්ට දීපාවලී දිනය නිමිත්තෙන් සුබ පැතුම් එක් කරන බවයි, අගමැතිතුමා සිය පණිවුඩයෙන් වැඩිදුරටත් කියා සිටියේ.

    Last modified on බදාදා, 07 නොවැම්බර් 2018 09:10

    Latest News