සෞඛ්‍ය අමාත්‍යාංශය විභාග කීපයක් කල් දමයි

අප්‍රේ 30, 2019

    දිවයින තුළ පවතින හදිසි තත්වය හේතුවෙන්, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් 2019.05.04 හා 05 යන දෙදින පැවැත්වීමට නියමිතව තිබූ විභාග කීපයක් පැවැත්වීම කල් දමා තිබේ.

    I.සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පරිපූරක වෛද්‍ය සේවයේ III ශ්‍රේණියේ නිළධාරීන් සදහා වන කාර්යක්‍ෂමතා කඩයිම් පරීක්‍ෂණය - 2018 (දෙවන වාරය)

    II. ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය PL - 01 ඒ තොරතුරු සඳහා වන කාර්යක්‍ෂමතා කඩයිම් පරීක්‍ෂණය - 2019 පළමු වාරය

    III. මහජන සෞඛ්‍ය පරීක්‍ෂණ සේවාවේ ( II ආ කාණ්ඩයේ ) III ශ්‍රේණියේ නිළධාරීන් සදහා වන කාර්යක්‍ෂමතා කඩයිම් පරීක්‍ෂණය - 2019 පළමු වාරය

    IV. විද්‍යුත් නිකර්පන රේඛන සටහන් කරු හා ඛන්තුරේඛන ශිල්පී III ශ්‍රේණියේ නිළධාරීන්සදහා වන කාර්යක්‍ෂමතා කඩයිම් පරීක්‍ෂණය - 2019 පළමු වාරය

    V. ශ්‍රී ලංකා තාක්‍ෂණ සේවාවට අයත් අධීක්‍ෂණ කළමණාකරන සහකාර තාක්‍ෂණික නොවන තාක්‍ෂණික සේවා ගණය (MN-03-2003-A) තනතුරු සදහා වන දෙවන දෙපාර්තමේන්තු පරීක්‍ෂණය - 2019 (පළමු වන වාරය)

    VI. ප්‍රාථමික ශිල්පීය සේවා ගණයේ PL-03-2006(ඒ) I‍ශ්‍රේණියේ තනතුරු සදහා වන තුන්වන ාර්යක්‍ෂමතා කඩයිම් පරීක්‍ෂණය - 2019 පළමු වන වාරය

    යන විභාගයන් කල් දැමීමට සිදුව ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත. නැවත එම විභාග පවත්වන දිනයන් පිළිබදව www.health.gov.lk වෙබ් අඩවියෙන් පසුව දැනුම්දෙනු ලැබේ.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 18:42

    Latest News