“ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු නැහැ” සුව ඇමැති කියයි

අප්‍රේ 30, 2019

    ත්‍රස්තවාදීන් සමග තමන් කිසිදු ගණුදෙනුවක් සිදු කර නොමැති බවත්, ත්‍රස්තවාදයට උදවු නොකරන බවත්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    අරලියගහ මන්දිරයේ අද (30) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය.

    කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනය තුල සිදු කරන පරීක්ෂණ කටයුතුවලට සෞඛ්‍ය අමාත්‍යවරයා බලපෑම් කරන බවට චෝදනා නැගී ඇතැයි මාධ්‍යවේදින් මෙහිදී විමසා සිටියේය. ඊට පිළීතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා -

    “මම කිසිදු බලපෑමක් කරලා නැහැ. ලංකාවේ ඕනෑම පොලීසියකින් අහලා බලන්න මම බලපෑම් කරනවා ද කියලා. වරදකරුවන් වෙනුවෙන් මම කථා කරන්නේ නැහැ. එවැනි බලපෑමක් සිදු කර තිබෙනවා නම් මම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙනවා. අලුත්ගම දර්ගා නගරයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට උපදෙස් ලබාදුන්නේ මම. බේරුවල පිහිටි මගේ නිවස අසල නිවසක් කුලියට ගැනීමට පැමිණි පුද්ගලයෙක් පිළිබද සැක සිතීම නිසා පොලීසියට දැනුම් දුන්නා. ඒ පිළිබද පරික්ෂණ ආරම්භ කරන්න කියලා. නමුත් එම පරීක්ෂණ මන්දගාමී නිසා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් පසු පරීක්ෂා කිරිම් සිදු කළා. මම ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් 08 ක් ඝාතනය කිරීමටත් සැළසුම් කර තිබෙනවා. මෙම පරික්ෂණවල දී හෙළි වුනා අලුත්ගම දර්ගා නගරයට වෙනත් ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයින් ධර්මය දේශනා කිරීමේ මුවාවෙන් රැදී සිටින බව. මම කිවුවා වෙනත් ප්‍රදේශවල අය ධර්මය දේශනා කිරීමට අවශ්‍ය නැහැ. බේරුවල අවට දේවස්ථාන අවශ්‍ය තරම් තිබෙනවා. මුස්ලිම්වරුන් පළමුව අඩිය තිබ්බෙත් බේරුවලට. එම නිසා මම අවධාරණය කර සිටිනවා ත්‍රස්තවාදය සමග ගණුදෙනුවක් කරලා නැහැ කියලා.”

    Latest News