කොටහේනේ දී අත්අඩංගුවට ගත් NTJ දෙදෙනා රඳවා ප්‍රශ්න කිරීමට අවසර

අප්‍රේ 30, 2019

    කොටහේනේ දී අත්අඩංගුවට ගත් ජාතික තව්හීද් ජමාද් සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනා ලබන 02 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා දී ඇත.

    බුද්ධි තොරතුරකට අනුව කොටහේන පොලිස් වසම තුල පිහිටි මහල් නිවාසයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනා ලබන 02 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.

    කොටහේන පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් අද(30) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙනිය මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබිණි.

    පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සැකකරුවන් රැඳී සිටි නිවසේ තිබී ඉස්ලාමීය අන්තවාදී අදහස් අඩංගු ලිපි ද්‍රව්‍ය CD, දුරකථන උපාංග සහ ලැප්ටොප්, දුරකතන ආදිය අත්අඩංගුවට ගත් බවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය ඇති හෙයින් සැකකරුවන් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන මෙන් කොටහේන පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා තිබේ.

    එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් ලබන 02 වනදා දක්වා පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.

    Latest News