ඩෙටනේටර් 10ක් සමග 4ක් වෙඩිතලතිව් හිදී අත්අඩංගුවට

අප්‍රේ 30, 2019

    ඊයේ (29) සවස සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ඩෙටනේටර් 10ක් සමග සිව් දෙනෙකු වෙඩිතලතිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    යුද්ධ හමුදාව විසින් අඩම්පන් පොලිස් බල ප්‍රදේශයේ වෙඩිතලතිව් හි මෙම සෝදිසි මෙහෙයුම සිදු කළ අතර එහිදී එක් සැකකරුවෙකුගේ ගෙවත්තේ තිබී මෙම ඩෙටනේටර් තොගය සොයා ගෙන ඇති බව වාර්තාවේ. ඒ අනුව තවත් තිදෙනෙකු සැකපිට යුද්ධ හමුදාව භාරයට ගෙන ඇති අතර එම සැකකරුවන් සිව් දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා අඩම්පන් පොලිසිය වෙත භාරදී ඇත.

    සැකකරුවන් සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන කරයි.

    Latest News