සයින්දුමර්දු ප්‍රහාරයේදී හමුවු කාන්තාව - දැරිය: සහරාන්ගේ බිරිඳ සහ දියණියයි

අප්‍රේ 28, 2019
  • සයින්දමරුදු ප්‍රහාරයේ තුවාල ලැබු කාන්තාව සහ දරුවා මුස්ලිම් අන්තවාදි තවුහිද් ජමාද් නායක මොහොමඩ් සහරාන්ගේ බිරිඳ හා දරුවා යැයි ආරක්‍ෂක අංශ පවසයි.

    සයින්දමරුදු සුනාමි ගම්මානය තුළ ආරක්‍ෂක අංශ විසින් පරීක්‍ෂා කරන අවස්ථාවේදී මරාගෙන-මැරෙන බෝම්බ පුපුරුවා ගැනීමක් පසුගිය සිකුරාදා (26) පස්වරුවේ සිදුවිය. ඒ අනුව ඊයේ අලුයම ආරක්‍ෂක අංශ විසින් සිදු කළ මානුෂිය මෙහෙයුමක් මගින් තුවාල ලබා සිටි මෙම කාන්තාව සහ දරුවා බේරා ගෙන තිබේ. ඉන් පසු එම ස්ථානයේ ම ක්ෂණික ප්‍රතිකාර කිරීමෙන් පසු අම්පාර රෝහලට ඇතුලත් කෙරිණ.

    මොහොමඩ් සහරාන්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා සාදියා වන අතර අවුරුදු 4ක් වයසැති මොහොමඩ් සහරාන් රුසෙයියා ඔහුගේ දියණියගේ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

    Last modified on ඉරිදා, 28 අප්‍රේල් 2019 18:07

    Latest News