පාස්කු ඉරුදින මියගිය සියලු දෙනා සිහිකරමින් පැවැත්වූ දේව මෙහෙය

අප්‍රේ 28, 2019

    විශේෂ දේව මෙහෙයක් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (28) පැවැත්විණ.

    ඒ, බොරැල්ල අගරදගුරු දේවස්ථානයේ දී. එය, ජාතික රූපවාහිනියේ සියලු නාලිකා ඔස්සේ අද පෙරවරු 8.00 සිට සජීවිව විකාශය කෙරිණ. ආරක්‍ෂක හේතූන් මත, ඉරු දින දේව මෙහෙය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ඒ ඒ මීසම්වලට පවරනු ලැබීය. ඉරු දින දේව මෙහෙයට සහභාගි විය නොහැකි කිතුනු බැතිමතුන් වෙනුවෙන් මෙම දේව මෙහෙය සංවිධාන කර තිබිණ. දේව මෙහෙයට පියතුමන් සහ කන්‍යා සොයුරියන් ද එක්ව සිටියහ.

    දේව මෙහෙය අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් ද පැමිණ සිටියහ. පාස්කු ඉරුදින මියගිය සියලු දෙනා සිහිකරමින් දේවස්ථානයෙහි පහන් දල්වනු ලැබීව.

    Latest News