දිවියන්ගේ හම් ජාවාරමක් හසුවේ

අප්‍රේ 28, 2019

    විලච්චිය, ඇලපත්ගම ප්‍රදේශයේ නිවසක අල්මාරියක සඟවා තිබූ දිවියන්ගේ හම් ජාවාරමක් සොයා ගැනීමට විලච්චිය පොලිසිය සමත්විය.

    විදේශිකයන්ට විකිණිම සඳහා මෙම ජාවාරම සිදුකර ඇතැයි මුලික පරීක්‍ෂණවලින් අනාවරණ වූ බව පොලිසිය පවසයි. වයස අවුරුදු 60ක පුද්ගලයෙකු ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු ඉදිරිපත් කිරීමට නියමිතයි. අනුරාධපුර කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරක් මත විලච්චිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

    Latest News