ජනපති මෛත්‍රී - ජාතික තව්හිත් ජමාත් ඇතුළු අන්තවාදි සංවිධාන දෙකක් තහනම් කරයි

අප්‍රේ 27, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය (National Thawheed Jammath - NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිමි ෆි සෙයිලානි (Jamathei Millathu Ibraheem - JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චිල සහ චංචල දේපළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත. මෙරට ක්‍රියාත්මක සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 27 අප්‍රේල් 2019 20:28

    Latest News