ජර්මන් ශෙපඩ් සුනඛයන් පරිත්‍යාගයක්

අප්‍රේ 27, 2019

    පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ, කාර්යයන් සඳහා පුහුණු කරවීමට ඉතා උසස් තත්වයේ ජර්මන් ශෙපඩ් වර්ගයේ සුනඛයන් පරිත්‍යාග කිරීමක් අද සිදු කෙරිණ.


    “ද සේව් මූමන්ට් සිලෝන් ෆවුන්ඩේෂන්“ ආයතනයේ සභාපතිනී ආචාර්ය ශිරූ විජේමාන්න මහත්මිය විසින්, මෙම සුනඛයින් ශ්‍රී ලංකා ඉංජිනේරු බල සේනාධිපති බ්‍රිගේඩියර් නිහාල් අමරසේකර මහතා වෙත, බාරදෙනු ලැබීය.

    මහා සංඝරත්නය සහ යුද හමුදා නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්වූහ. සභාපතිනිය ප්‍රකාශ කළේ රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන තම සුරතලුන් යුද හමුදාව වෙත භාරදීමට පියවර ගත් බවයි.

    Latest News