සිසු ආරක්ෂාවට වැඩපිළිවෙලක්..... ඊට දෙමාපියන්ගේ සහ ප්‍රජාවේ දායකත්වය

අප්‍රේ 25, 2019

    පාසල් ප්‍රජාව දැනුවත් කිරීම, ආරක්ෂක කමිටු පිහිටුවීම සහ ආරක්ෂාව සඳහා වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් අනුව එම වැඩපිළිවෙල ඉදිරිපත් කරමින් විශේෂ චක්‍ර ලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.

    පාසල් ප්‍රජාව දැනුවත් කිරීම මගින් සිසුන් හා කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාව, අවදානම් තත්ත්ව හඳුනා ගැනීම හා වළක්වා ගැනීම සියලු කාර්ය මණ්ඩලය සිසුන් මාපියන් හා ආදි සිසුන් ඇතුලු පාසල් ප්‍රජාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස මෙම චක්‍ර ලේඛයෙන් දැනුම් දි තිබේ. පාසල් තුළ ආරක්ෂාව තහවුරු කිරීම සදහා විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති ඇතුලු ආචාර්ය මණ්ඩලය මාපියන් සහ ආදි ශිෂ්‍ය සමිතිවල සහභාගිත්වයෙන් ආරක්ෂක කමිටු හා අනු කමිටු පිහිටුවා ගැනීම පිළිබඳව ද කරුණු මෙම චක්‍ර ලේඛයට ඇතුළත්වේ.

     

    පාසල්වල ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා විශේෂ චක්‍ර ලේඛය

    පාසල් දරුවන් ඇතුලු පාසල් ප්‍රජාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව පාසල් ප්‍රජාව දැනුවත් කිරීම, ආරක්ෂක කමිටු පිහිටුවීම සහ ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙල සම්බන්ධයෙන් කරුණු 25/2019 දරණ මෙම චක්‍ර ලේඛයට ඇතුළත් කර තිබෙනවා.

    පාසල් ප්‍රජාව දැනුවත් කිරීම යටතේ සිසුන් හා කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාව අවදානම් තත්ත්ව හඳුනා ගැනීම හා වළක්වා ගැනීම සියලු කාර්ය මණ්ඩලය සිසුන් මාපියන් හා ආදි සිසුන් ඇතුලු පාසල් ප්‍රජාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස මෙම චක්‍ර ලේඛයෙන් දැනුම් දි තිබෙනවා. මීට අමතරව පාසල් තුළ ආරක්ෂාව තහවුරු කිරීම සදහා විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති ඇතුලු ආචාර්ය මණ්ඩලය මාපියන් සහ ආදි ශිෂ්‍ය සමිතිවල සහභාගිත්වයෙන් ආරක්ෂක කමිටු හා අනු කමිටු පිහිටුවා ගැනීම පිළිබඳව ද කරුණු මෙම චක්‍ර ලේඛයට ඇතුළත්.

    ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු වැඩ පිළිවෙල සම්බන්ධයෙන් කරුණු රැසක් මෙම චක්‍ර ලේඛයෙන් වැඩි දුරටත් අවධාරණය කර ඇති අතර සිසු දරුවන් පාසලට පැමිණිමේ දී හා පිටවීමේ දී පාසල් ප්‍රවේශ අසළ ආරක්ෂාව තහවුරු කිරීම, පාසලට පැමිණෙන දරුවන්ගේ ගමන් මලු සහ පාසල් බෑග් පරීක්ෂා කිරීම, සිසුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම, නේවාසිකාගාර පවතින පාසල්හි නේවාසිකාගාර ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම, හදිසි අවස්ථාවකදී පාසල් ප්‍රජාව කඩිනමින් දැනුවත් කිරීම සඳහා උචිත සන්නිවේදන ක්‍රම අනුගමනය කිරීම, ගුරුවරුන් හා මා පියන් අතර ඉක්මණින් සන්නිවේදනය කර ගැනීම සඳහා ක්‍රම වේද සකසා ගැනීම ඇතුලු කරුණු 18 ක් පිළිබඳව ද මෙම චක්‍ර ලේඛයෙන් අවධානය යොමු කර තිබෙනවා.

    පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා කොට්ඨාශභාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලුම රජයේ පාසල්, පෞද්ගලික පාසල් පිරිවෙන් හා දිවයිනේ සෙසු සියලු පාසල් ප්‍රධානීන්ට මෙම චක්‍ර ලේඛය යොමුකර තිබෙනවා.

    Latest News