කුමන්ත්‍රණය සෙවීමට උපදෙස්.... මේ අවස්ථාවේ සන්සුන්ව සිටින්න.....ජනපති

අප්‍රේ 21, 2019

    අද(21) උදෑසන දිවයින පුරා සිදුවු පිපිරීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළා දැක තිබේ.

    මීට සුළු වේලාවකට පෙර ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය. මෙම ඛේදවාචයක ගැන තමා දැඩිව කම්පනයට පත්ව ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කරයි.

    ලක්වැසි සියලු ජනතාව මේ සිදුවීම් හේතුවෙන් දැඩි සේ වේදනාවට පත්ව ඇති බව ද පැවසු ජනාධිපතිවරයා මේ සිදුවීම් පිළිබඳ වු කුමන්ත්‍රණය ගැන සොයා ගැනීම සඳහා මේ වන විටත් සියලු ආරක්ෂක අංශ උපදෙස් ලබා ගෙන කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය. ඒ අනුව මෙම පරීක්ෂණ කටයුතු සඳහා සියලු ජනතාවගේ සහයෝගය ඉල්ලා සිටින බව ද පැවසු ජනාධිපතිවරයා සියලු දෙනාට සංසුන්ව කටයුතු කරන ලෙස පවසා සිටියේය.

    කටකතා සහ අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස ද සියලු ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා, මෙයට රජය ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද සඳහන් කළේය.

    Latest News