ජනතාව ඉලක්කකර එල්ල කළ බියගුලු ප්‍රහාරය හෙලා දකිනවා

අප්‍රේ 21, 2019

    ජනතාව ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලැබූ බියගුලු ප්‍රහාරය තරයේ හෙලා දකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ, මේ ඛේදජනක අවස්ථාවේ සියලු ශ්‍රී ලාංකිකයින් එක්සත්ව සිටිය යුතු බවයි. කිසිඳු පදනමක් නොමැති හා තහවුරු නොකළ වාර්තා ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ද එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියි. පවතින තත්වය පාලනය කිරීම සඳහා රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ.

    ranil3

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 12:51

    Latest News