සංසුන්ව ඉවසීමෙන් කටයුතු කරන්න...

අප්‍රේ 21, 2019

    අද (21) උදෑසන දේවස්ථාන කිහිපයක සහ තවත් ස්ථානවල සිදුවූ පිපිරීම් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව අදරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද පවසයි.

    කිසිදු හේතුවත් මත මෙම තත්ත්වයත් සමඟ ප්‍රකෝපකාරි ලෙස නොහැසිරෙන ලෙසද උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර අද සවස පැවැත්වීමට නියමිතව තිබූ සියලුම පාස්කු දින දේව මෙහෙයන් අවලංගු කරන බව කොළඹ අදරදගුරු නිවස සඳහන් කරයි.  එමෙන්ම සන්සුන්ව ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙස සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරයි.

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 13:16

    Latest News