පිපිරීම් අවට ඩ්‍රෝන කැමරා භාවිතයෙන් වළකින්න

අප්‍රේ 21, 2019

    පිපිරීම් සිදුවූ ස්ථානය අවට ඩ්‍රෝන කැමරා භාවිතයෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා දැනුම් දෙයි.

    තුවාල ලැබූවන්ට ප්‍රතිකාර ලබා දීම මේ වන විට සිදු කෙරෙනමින් පවතින බවත්, ජාතික රෝහලට තුල දැඩි තදබදයක් පවතින බවත් එම දර්ශන නැරඹීමට ඔවුන්ගේ ඥාතීන්ට හා අනෙක් පිරිසට රෝහල් වෙත පැමිණීමෙන් වළකින ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙයි. මේ වන විටත් කටුනායක ගුවන් තොටුපොළේ හා කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන හෝටල්වල ආරක්ෂාව තර කර ඇති බවයි රුවන් ගුණසේකර මහතා පවසන්නේ.රට තුල උද්ගතව ඇති වර්තමාන තත්වය අනූව සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 11:34

    Latest News