ඩෙංගු උවදුර මර්ධනයට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනිමේ උත්සහයක්

ජන 11, 2020

    ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් ඩෙංගු මර්ධනය කිරිමේ හැකියාව සොයා බැලීමට විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුවි තිබේ.

    නවීන තාක්ෂණය පිළිබඳ තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවක නිරතවු රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා මේ පිළිබඳව අවධානය යොමු කර ඇත.

    ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමනට නවීන තාක්ෂණය යොදා ගත හැකි ආකාරය පිළිබඳ මෙහිදි සාකච්ඡා කෙරිණ. එහිදි ශ්‍රි ලංකාවේ සෞඛ්‍යට සහ සංවර්ධනයට දැඩි බලපෑමක් ඉල්ල කර තිබෙන ඩෙංගු උවදුර මර්ධනයට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගෙන හැකියාව දිර්ග වශයෙන් සාකච්ඡා වි තිබේ. එමෙන්ම නැනෝ චන්ද්‍රිකාවේ දෙවන පියවර පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතා සහ ආතර් සි ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිහ.

    Latest News