update- කොටහේන,කටුවපිටිය දේවස්ථානවලත් ෂැන්ග්‍රිලා,සිනමල් ග්‍රෑන්ඩ් හෝටල් තුළ පිපිරීමක්(සජීව දර්ශන)

අප්‍රේ 21, 2019
  • update-කටුනායක ගුවන් තොටුපොළේ හා කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන හෝටල්වල ආරක්ෂාව තර කෙරේ. පිපිරීම් සිදුවූ ස්ථාන අවට ඩ්‍රෝන කැමරා භාවිතයෙන් වැළකී සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර දැනුම් දෙයි.

    කොටහේන,කොච්චිකඩේ දේවස්ථානයේත් කටාන,කටුවපිටිය ප්‍රදේශයේ දේවස්ථානයෙත් අද උදෑසන 8.45ට පමණ සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 160කට අධික පිරිසකට තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විටත් තුවාල ලැබූවන් රෝහලට වෙත රැගෙන එමින් පවතින බවයි.

    අද පාස්කු ඉරිදා වන අතර බැතිමතුන් ඉලක්ක කර ගනිමින් සිදු කළ පිපිරීම් කිහිපයක් වාර්තා වෙයි. ඉන් පීඩාවට පත් බැතිමතුන් වෙනුවෙන් මේ වන විටත් සහන සේවා ක්‍රියාත්මක කර ඇති බව රජය පවසයි. මේ වන විට ප්‍රදේශවලට ප්‍රමාණවත් පරිදි ආරක්ෂාව යොදවා තිබේ.

    මේ අතර මඩකලපුව දේවස්ථානය අසළ ද පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.සිනමන් ග්‍රෑන්ඩ්, ෂැන්ග්‍රිලා හෝටල් අසල ද පිපිරීම් සිදුවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    57703241 2139186969532306 3507483792442916864 n

    57852592 2139186896198980 5935447200216645632 n

    57556840 2139186966198973 4639144843862343680 n

    57412687 2139186899532313 325555321286164480 n

    Blast1

    allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen>
    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 11:27

    Latest News