අවධානම් සහිත දිය නැමෙන් 02ක් බේරෙයි

අප්‍රේ 20, 2019

    පානම කළපුවේ දිය නෑමට ගොස් ගිලෙමින් සිටියදී නාවික හමුදාව විසින් ඊයේ (19) තරුණියක් බේරා ගැනීමට සමත්වි තිබේ.

    පානම ප්‍රදේශයට විනෝද චාරිකාවක පැමිණි පිරිසක් අතර සිටි මෙම තරුණිය දිය නෑම සඳහා කළපුවට බැස ඇති අතර, එහිදී ඇය දියේ ගිලෙන බව නිරීක්‍ෂණය කළ පානම, වෙරළ ජිවිතා රක්‍ෂක රාජකාරියෙහි නිරත නාවික හමුදා සෙබලුන් විසින් ක්ෂණික ප්‍රතිචාර දක්වා බෙරා ගෙන ඇත. මෙසේ ‍බේරා ගෙන ඇත්තේ පොතුවිල් හි වයස අවුරුදු 18 ක පමණ තරුණියකි.

    ඊයේ දිනයේදී නුවර එළිය ග්‍රෙගරි වැවේ විනෝදය පිනිස ‘Jet Ski’ ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනීමට සමත් විය.

    එමෙන්ම අවුරුදු නිවාඩු සමයේ විනෝද චාරිකාවන් වල නිරතවන ජනතාව විවිධ අනතුරුදායක ස්ථාන වල දිය නෑමට පෙළෙඹී නිරික්ෂණය කර ඇති බව නාවික හමුදාව පවසයි. එයින් ජීවිත හානි සිදුවීමේ අවදානම වැඩි බැවින් ජීවිතාරක්‍ෂක කණ්ඩායම් සිටින ආරක්‍ෂිත ස්ථාන පමණක් දිය නෑම සඳහා තොරා ගන්නා ලෙස නාවික හමුදාව විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටි.

    Latest News