Update: මදූෂ්ගේ ඥාති සහෝදරයා ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

අප්‍රේ 18, 2019

    අද(18) ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ මාකඳුරේ මධූෂ්ගේ ඥාති සොහොයුරා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රියල් 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කීරීමට නියෝග කර තිබේ.

    මදූෂ්ගේ ඥාති සහෝදරයා අධිකරණය හමුවට - (11:05)

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බාරයේ සිටි මාකඳුරේ මදූෂ්ගේ ඥාති සොහොයුරු වන නිලාන් රොමේෂ් සමරසිංහ අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

    මාකඳුරේ මදූෂ් සමඟ ඩුබාහි දී අත්අඩංගුවට පත්ව පිටුවහල් කෙරුණු 6 දෙනෙකු ඊයේ (17) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ඒ අය අතර මොහොමඩ් රිසාන් මොහොමඩ් බදුර්දීන්, මහවත්තගේ ගයාන් බුද්ධිම පෙරේරා, මොහොමඩ් හිබ්‍රි මොහොමඩ් ජබීර්, සුරේෂ් වසන්ත රණසිංහ, රූපදාස සයිමන් හේවගේ, නිලාන් රොමේෂ් සමරසිංහ වන මාකඳුරේ මදූෂ් නැමැති අයගේ ඥාති සහෝදරයෙක් ද සිටි බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2019 15:44

    Latest News