ජනපති සිහින අපේක්ෂකට නැවතීමක්....... අවසන් තිරණය ගැන මහින්දගෙන් මතක් කිරිමක් (විඩියෝ)

අප්‍රේ 17, 2019
  • ස්ථිර ලෙසම ජයගත හැකි අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු වැඩිදුරටත් කියා සිටියේ මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන සිය අපේක්ෂකයා කවුරුන්දැයි අවසන් තීරණයට සාමාජික පක්ෂ සියල්ල සමග සාකච්ඡා කිරිමෙන් අනුතුරුව එළඹෙන බවයි.

    සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අද (17) බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය ඉටු කිරීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂයා ද යන්න මාධ්‍ය විසින් විමසා සිටි අතර ඔහු සම්බන්ධයෙන් එවැනි තිරණයක් නොමැති බව පෙන්වා දුනී.

     

    Last modified on බදාදා, 17 අප්‍රේල් 2019 15:48

    Latest News