CEB එරේහි පෙත්සම නිෂ්ප්‍රභා කිරිමේ නියෝගය අහිමිවේ

අප්‍රේ 16, 2019

    මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව කර ඇති පැමිණිල්ලට අදාළව, අධිකරණය විසින් නිකුත් කළ සිතාසිය ආපසු කැඳවා නිශ්ප්‍රභා කරන්නැයි ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ඉදිරිපත් වූ ජනාධිපති නීතිඥවරයා නෛතික කරුණූ ඉදිරිපත් කරමින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් අද ඉල්ලා සිටියේය.

    ලංකා විදුලි බල මණ්ඩලයට විරුද්ධව මහජන උපයෝගිතා කොමිසම පැමිණිල්ල සිදු කිරිමේදී දිව්රුම් ප්‍රකාශයක් ලබා දී නැති බවත් බලය පැවරූ බවට පැමිණිල්ලේ සඳහනක් සිදු කර නැති බවත් ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් අධිකරණයට කරුණූ දක්වමින් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

    මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටි වාර්තා සහ ලේඛන ලබා නොදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමසීම සඳහා අදාළ පැමිණිල්ල අද කැදවුනු ලැබූ අවස්ථාවේ ඒ මහතා මේ බව පෙන්වා දුනී.

    ලංකා විදුලි බල මණ්ඩලය පනත අනුව මහජන උපයෝගිතා කොමිසමට විදුලිය සම්ප්‍රේෂණය, බෙදා හැරිම ආදි තොරතුරු සැපයීමට බැදී සිටින බව කියා සිටි මහජන උපයෝගිතා කොමිසම වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා කියා සිටියේයා. එලෙස කරුණූ දැක්වීම විදුලි බල මණ්ඩලය පැහැර හැ ඇති බව පෙන්වා දුනී.

    දෙපාර්ශවයම ඉදිරිපත් කළ කරුණුවලට සවන් දුන් මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා, සිද්ධියට අදාලව ලංකා විදුලි බල මණ්ඩලයට එරෙහිව නිකුත් කළ සිතාසිය අපාසු කැඳවීමේ හැකියාවක් අධීකරණයට තිබේද යන්න සහ එය සිදු කළ යුතු වන්නේ කුමන වවගන්තිය යටතේද යන්න විමසා බැලිය යුතු වන බව අවධානරය කළේය. දෙපාර්ශවයම මතු කළ නීතිමය කාරනු වලට අදාළව ලිඛිත දේශන ගොනු කරන ලෙසත්, පැමිණිල්ල නැවත ලබන මැයි මස 30වනදා කැඳවන බවත් දෙපාර්ශවයට දන්වා සිටියේය.

    මහජන උපයෝගිතා කොමිසම ගොනු කර තිබෙන මෙම පැමිණිල්ලේ පළමු වග උත්තරකරු ලෙස ලංකා විදුලි බල මණ්ඩලය නම් කර ඇති අතර දෙවන වගඋත්තරකරු ලෙස එහි අධ්‍යක්ෂක මණ්ඩලය නම් කර තිබේ.

    2018 මැයි 28 දින සිට මේ දක්වා විදුලිය කප්පාදුව ඇතුලු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට ලබා දෙන ලෙස ඉල්ලා සිටි වාර්තා ලබා නොදීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයට අද දින අධිකරණයේ පෙනි සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණූ දන්වා සිටියේය.

    Last modified on අඟහරුවාදා, 16 අප්‍රේල් 2019 18:08

    Latest News