සවසට තද වැසි

අප්‍රේ 16, 2019
    පළාත් කීපයකට අද(16) දිනයේ දීත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
    ඒ අනුව සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර හා වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්ක‍යේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකිය.
    ඉදිරි දින කීපය පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ අවධානම ඉහළ මට්ටමක පවති.ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලිව තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ. දිවයිනේ බොහෝ පළාත්වල අද දිනයේ සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.
    Last modified on අඟහරුවාදා, 16 අප්‍රේල් 2019 09:13

    Latest News