ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් මුදා හරියි

අප්‍රේ 16, 2019

    ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික දමිල ජාතිකයින් සිව්දෙනා මේ වන විට මුදා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    පසුගිය 10 වන දින පස්වරුවේ ලූටන් ගුවන්තොටුපල වෙත පැමිණි මොවුන් සිවි දෙනා පසුගිය 11 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ අනුව ඔවුන් එංගලන්තයේ බෙට්පෙෂර් පොලීසියේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කළ අතර විමර්ශනවලින් අනතුරුව එම සිව්දෙනා මුදා හැර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

    Last modified on අඟහරුවාදා, 16 අප්‍රේල් 2019 09:08

    Latest News