අවුරුද්දට ගමේ ගිය අයට යළි එන්න විශේෂ බස් රථ

අප්‍රේ 16, 2019
    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි නගරයට පැමිණිම සඳහා අද(16) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි.
    සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රමාණවත් තරම් බස් රථ යෙදවීමට කටයුතු යොදා ඇති බව ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පි.එච්.ආර්.ටි.චන්ද්‍රසිරි මහතා පැවසීය.  මේ අතර අද සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය ද සිදුකරන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි.
    ඊට අමතරව පිටපලාත්වල සිට කොළඹ දක්වා විශේෂ දුම්රිය කිහිපයක් අද සිට ධාවනය කිරීමට ද සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
    ඒ අනුව යාපනය සිට කොළඹ දක්වාත්, ගාල්ල සිට මරදාන දක්වාත්, මාතර සිට මරදාන දක්වාත් බදුල්ලේ සිට කොළඹ දක්වාත් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.
    Last modified on අඟහරුවාදා, 16 අප්‍රේල් 2019 09:39

    Latest News